Home
සැහැල්ලු පන්දු ක්‍රිකට් ක්‍රීඞා තරඟාවලිය PDF Print E-mail

IMG 2789

ප්‍රවාහන ක්ෂේත්‍ර ක්‍රිකට් ඵ්කාධිකාරිය

                          2018 මාර්තු 17 වන දින නැගෙනහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සත්කාරකත්වයෙන් සංවිධානය කරනු ලැබූ ක්‍රිකට් තරඟාවලිය ත්‍රිකුණාමලයේ 22 වන යුධ හමුදා බලගණ මූලස්ථාන ක්‍රීඩාංගනයේදී උත්සවත්ශ්‍රීයෙන් පැවැත්විණි. මෙම සැහැල්ලු පන්දු  ක්‍රිකට් ක්‍රීඞා තරඟාවලිය සඳහා නැගෙනහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය,  ජාතික ගමනාගමන කොමිෂන් සභාව , උතුරු මැද පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය, වයඹ පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය, මධ්‍යම පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය,  බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සහ දකුණු පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය ක්‍රිකට් කණ්ඩායම් ඉදිර්පත් වී  තිබුණි.

                         පිළිමළුන් පිටු දැකීම ක්‍රමවේදය යටතේ සහ සම්මත I.C.C. එක්දින නීති යටතේ එක් ඉනිමකට පන්දු ඕවර 8 බැගින් වූ මෙකී තරඟාවලියේ ශූරතාවය අප බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ක්‍රිකට් කණ්ඞායම විසින් විජයග්‍රාහීව ශූරතාවය දිනා ගන්නා ලදී. එහිදි අවසාන තරඟයේ වීරයා සහ තරඟාවලියේ වීරයා බවට බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ කසුන් සමීර ක්‍රීඩකයා පත් වීම දිනයේ සුවිශේෂි සිද්ධියක් විය.

received 1823355427715553 

 

බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරී ක්‍රිකට් කණ්ඩායම විසින් ප්‍රථම වටයේදී ප්‍රබල මධ්‍යම පළාත් ප්‍රවාහන අධිකාරිය කඩුලු 8 කින් පරාජයට පත් කරන ලදී. එමෙන්ම අවසන් පූර්ව තරඟයේදී දකුණු පළාත් ප්‍රවාහන අධිකාරී කණ්ඩාම ලකුණු 43 කට සියල්ලන්ම දවා පන්දු ඕවර 3 ක් තුල තරඟය කඩුලු 8 කින් ජයඟහනය කරන ලදී.

 

අවසන් තරඟයේදී කාසියේ වාසිය දිනූ නැගෙනහිර පළාත් ප්‍රවාහන අධිකාරී කණ්ඩායම අප බස්නාහිර පළාත් ප්‍රවාහන අධිකාරී කණ්ඩායමට ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට ආරාධනා කළහ. එමගින් බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරී කණ්ඩායම විසින් නියමිත ඹ්වර 8ක් තුළ කඩුලු දෙකක් දැවී ලකුණු 128ක් ලබා ගන්නා ලදී. කසුන් සමීර- 60*(නොදැවී), විරාජ් නානායක්කාර 28(නොදැවී), අසංක වීරසිංහ -30

 

IMG 2853

 

දෙවනුව ලකුණු 128 ක දැවැන්ත ඉලක්කයක් හඹාගිය නැගෙනහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරී කණ්ඩායමට සියල්ලන්ම දැවී ලබා ගත හැකි වූයේ  ලකුණු 79 ක් පමණි.

 

IMG 2900

 

received 1823355141048915

 

 

 

Last Updated on Monday, 02 April 2018 11:07
 
 

© Copyright 2014, Road Passenger Transport Authority - Western Province. All Rights Reserved